தமிழ்
English
Contact
Tuesday 24th October 2017    
විජේදාස අයින් කරන්න එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලය තීන්දු කළා – අගමැති ඊයේ ජනාධිපතිට දැනුම්දීලා « Lanka Views | Views of the truth

විජේදාස අයින් කරන්න එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලය තීන්දු කළා – අගමැති ඊයේ ජනාධිපතිට දැනුම්දීලා



ඇමති විජේදාස රාජපක්ෂ ඉවත්කරන්නට එජා‍ප කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණය කළ බැවින් ඔහු ඇමති තනතුරෙන් ඉවත් කරන ලෙස අගමැතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබේ.

අධිකරණ හා බුද්ධසාසන ඇමති විජේදාස රාජපක්ෂ දිගින් දිගටම කැබිනට් මණ්ඩලයේත් පක්ෂයේත් සාමූහික වගකීම උල්ලංඝණය කළ බවට අගෝස්තු 17 පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී චෝදනා ඉදිරිපත් විය. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාහය මෙම විරෝධතාවට ආසන්නම හේතුව විය. එම ප්‍රකාශය නිවැරදි කිරීමට ඊයේ (21) දින දක්වා ඔහුට කාලය ලබා දී තිබූණි. එසේ නොමැති නම් ඔහු කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු බවට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකගතාවයකට පැමිණ තිබේ. මේ අනුව ඇමති රාජපක්ෂ සම්බන්ධ තීරණය ගැනීම ජනාධිපතිවරයාට පවරා අගමැතිවරයා ඇගබේරාගෙන ඇතැයි දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබේ.