தமிழ்
English
Contact
Monday 28th August 2017    
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ග්‍රාමීය ජනතාව සම්බන්ධ දේශපාලන ව්‍යාපෘතියක් අරඹයි! « Lanka Views | Views of the truth

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ග්‍රාමීය ජනතාව සම්බන්ධ දේශපාලන ව්‍යාපෘතියක් අරඹයි!



“පුරවැසි අත්වැල්“ සහ “ග්‍රාම ශක්ති“ ජාතික වැඩසටහන්, වශයෙන් හදුන්වන ව්‍යාපෘති මගින් ප්‍රාදේශීය දේශපාලන බලය ශක්තිමත් කිරීමෙන් සිය දේශපාලන ක්‍රියාකාරිත්වය ගමට ගෙන යන වැඩපිළිවෙළක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආරම්භ කරයි.

ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ග්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා පුරවැසි අත්වැල වැඩසටහන, ක්‍රියාත්මක වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයක් අනුව බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එහි ආරම්භක අවස්ථාව ලෙස “පුරවැසි අත්වැල“ යන නමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රාදේශීය සන්නිවේදකයින්ගේ රැස්වීමක් සංවිධානය කර තිබිණී. එහිදී සභාව අමතමින් ඉදිරි අභියෝගවලදී සාර්ථකව මුහුණදිය හැකි මිනිසුන් අවශ්‍ය බව කී ජනාධිපතිවරයා පුරවැසි අත්වැල අද සමාජය සහ හෙට උපදින දරු පරපුර වෙනුවෙන් පිරිසිදු චේතනාවෙන් ක්‍රියාත්මක කළ වැඩසටහනක් ලෙස හදුන්වා දුන්නේය.