தமிழ்
English
Contact
Sunday 24th September 2017    
ලජ්ජා නැති ජනාධිපති විසින් ලජ්ජා නැති විජේගුණරත්න මාණ්ඩලික ප්‍රධානි තනතුරට! « Lanka Views | Views of the truth

ලජ්ජා නැති ජනාධිපති විසින් ලජ්ජා නැති විජේගුණරත්න මාණ්ඩලික ප්‍රධානි තනතුරට!



හම්බන්තොට වරාය සේවක උද්ඝෝෂණයකදී මාධ්‍යවේදියකුට පහරදුන් වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරයට පත්කෙරුණු  අතර ඔහු හෙට (22) දිනයේ එම ධූරයේ වැඩ බාරගැනීමට නියමිතය.

පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා පැමිණිලි කලද පසුව ඒය ඉල්ලා අස්කර ගන්නා ලද්දේ බලපෑම් මත බවට චෝදනා ඒල්ල විය. විජේගුණරත්න කොට කලිසමකින් සැරසී නාවික සෙබලුන් අතරින් පැමිණ පහරදීම සම්බන්ධයෙන් විඩියෝ දර්ශන ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර කිසිවිට තමන් අතින් සිදුවූ පහරදිම ගැන කනගාටුව පල කළේ නැත. සිදුවිම සම්බන්ධයෙන් රටපුරා අප්‍රසාදයක් පැතිර යද්දී අගමැති රනිල් වික්‍රමසිංහ වාර්තාවක් කැදවා නිහඩ විය. කෙසේවෙතත් විෂයභාර  අැමති වශයෙන් කිසිදු පියවරක් නොගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රවීන්ද්‍ර  විජේගුණරත්න එම ධූරයට නම් කළ අතර ඒය 2015 වසෙර් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුම පුරසාරම් කී යහපාලනයේ සත්‍ය තත්වය හෙළිදරව් කළ අවස්ථාවකි. මේ වන විට නාවික හමුදාපතිධූරයේ කටයුතු කරන වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න  22වනදා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බැවින් අාරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුෙර් පිහිටුවා අැත. නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරුණු වයිස් අද්මිරාල්  සින්නයියා ද එදින සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතය.