Posted on 08.24.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නව නාවික හමුදාපති ලෙස වැඩ බාරගත් ට්‍රැවිස් සින්නයියා නාවික හමුදා මුලස්ථානයේ සිය පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම නිල අැදුම භාවිත කරමින් වැරදි කළවුන්ට ප්‍රහාරයක් ඒල්ල කර අැත.
නාවික හමුදා නිල ඇඳුම හොරකම් කිරීමට, මිනීමැරීමට හෝ වැරැදි කිරීමට අවසර දීමක් නොවන බවත් යුද වීරයෙක් වුවද නාවික හමුදාව තුළ වැරදිකර තිබෙනවා නම් එවන් පුද්ගලයකුට කිසිදු සමාවක් නොලැබෙන බවත් ඊයේ(23) පැවති සිය ප්‍රථම ජනමාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය. රණවිරුවකුට මීනිමරුවෙක් වීමට නොහැකි බවත්, මීනිමරුවකුට රණවිරුවෙක් වීමට නොහැකි බවටත් තමන් විශ්වාස කරන බවත් නාවික හමුදාවේ කිසිවකු වැරදි කර ඇති බවට සනාථ වුවහොත් කිසිදු සමාවක් නොලැබෙන බවත් ඔහු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා ඒහිදී කියා සිටියේය.
පසුගිය කාලයේ නාවික හමුදාවේ සාමාජිකයන් ජනමාධ්‍යවේදින්මර්දනය කිරීම, පුද්ගලයන් පැහැරෙගන යාම, කප්පම් ගැනීම පිළිබද චෝදනාවලට ලක්වූ අතර මේ දක්වා සිටි නාවික හමුදාපතිවරු ඒවැනි සිදුවීම් පිළිබද අැති වූ විවාදයන්හිදී නාවික හමුදාව පාර්ශ්වයෙන් අඩුපාඩ් පිළිගෙන නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාමට සහයෝගයක් නොදැක්වීම නිසා පරික්ෂන කටයුතු බාධා විය. හිටපු නාවික හමුදාපතිවරයාද හම්බන්තොට වරායේදී ජනමාධ්‍යවේදියකුට පහර දීමෙන් අපකීර්තියට පත් වූ අතර ඒ් පිළිබද කිසිදු පරික්ෂනයක් හෝ සමාව අයැදීමක් සිදුව නැත. ෙමම තත්වය තුළ තමන් ප්‍රකාශ කරන දේ ඒලෙසින්ම ක්‍රියාත්මක කිරීම නව නාවික හමුදාපතිවරයාගේ වගකීමක්ද වනු අැත.