Posted on 08.25.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියාගෙන් රු.මිලියන 500ක් වන්දියක් ඉල්ලයි. අගෝස්තු 13 වැනිදා සිය නීතිඥයන් මගින් මෙම වන්දිය ඉල්ලා අැත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ ප්‍රකාශයකින් තමන්ට ඒරෙහිව චෝදනා නැගීම හේතුවෙනි.
ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුෙරා් ගන්සයිට් නම් ස්ථානයේ පිහිටි රැදවුම්-වධකාගාරයක සිරගතකර සිටිවුන් මරා දමන ලද බවක් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දැන සිටි බව ට්‍රැවිස් සින්නයියා විසින් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර අැති බවත් ඒම ප්‍රකාශය නිසා සිදුවන අපකීර්තිය වෙනුවෙන් රු. මිලියන 500ක වන්දියක් ගෙවිය යුතු බවත් ඒම නීතිඥයන් ඒවු ලිපියේ සදහන් වේ. මේ අතර රිය අද්මිරාල් උදය කීර්ති බන්ඩාර විසින් ද ඒම ප්‍රකාශය නිසා සිදුවන අපකීර්තිය පිළිබද නාවික හමුදාපතිවරයාගේ වන්දි ලෙස මිලියන 500ක් ඉල්ලා නීතිඥ මාර්ගයෙන් ලිපියක් ඒවා අැත.
යුද සමයේ අතුරුදන්වූවන් සම්බන්ධ තොරතුරුවල ප්‍රකාශ වූ රටේ විවිධ ස්ථානවල පැවති වධකාගාර අතර ගන්සයිට් කදවුර ඒකක් පමණි. ෙමවැනි හෙළිදරව් කිරීම් සිදුවන විට අාරක්ෂක අංශ ප්‍රධානින් ඒකිනෙකා වෙත චෝදනාත්මක අැගිල්ල දිගුකරන අතර මෙම වධකාගාරවල පැවැත්ම සහ ඒ්වා හෙළිදරව් කිරීමට පත් වූ වත්මන් අාණ්ඩුව ඒ් පිළිබද කිසිදු විධිමත් විමර්ශනයක් සිදුකිරීමට උනන්දු නොවීමෙන් පෙනී යන්නේ අපරාධකරුවන් අාරක්ෂා කරන බවකි. නිල අැදුම යොදාගෙන සිදුකළ වැරදි වසන් කරන්නට හෝ අපරාධකරුවන් අාරක්ෂාකරන්නට තමන් සූදානම් නැති බවට නාවික හමුදාපතිවරයා කල ප්‍රකාශය අනුව කටයුතු කිරිමට දැන් ඔහුට අවස්ථාවක් උදා වී අැත.