Posted on 09.11.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරීම සම්බන්ධ බලතල ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉවත් කර ව්‍යාජ කොමිසමකට ලබා දීමේ ක්‍රියාවලියට සිය දැඩි විරෝධය පලකරන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය පවසා සිටී.
මෙලෙස වෛද්‍ය සභාව සතු බලතල වෙනත් ආයතනයකට පැවරීමට ආණ්ඩුව කටයුතු කරන්නේනම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව වැඩි දුරටත් අදහස් දක්වමින් එම සම්මේලනයේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය එම්.සී වීරසිංහ පවසන ලදි.
ආණ්ඩුව පවතින සියළු ජනතා විරෝධයන් තවදුරටත් නොසලකා හරිමින් කෙසේ හෝ සිය අධ්‍යාපන පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය සහ SAITM ආයතනය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් ඇත.