Posted on 09.15.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් ආයතනයට සිසුන් බදවා ගැනීම තාවකාලිකව නතර කරන ලෙස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා අද (15) දැනුම් දී ඇත.
අදාල පාර්ශ්ව සමඟ දීර්ඝ ලෙස කළ සාකච්ඡාවලින් පසු කමිටුව ලබා දුන් නිර්දේශය අනුව අධ්‍යාපන ලේකම්වරයා මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ විශ්ව විද්‍යාල පනතේ 70 වැනි වගන්තිය යටතේය. සයිටම් ගැටළුව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂද සිල්වාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබූණි. එම කමිටු වාර්තාව පසුගිය 11 වැනි දා ජනාධිපතිවරයාට බාර දෙන ලදී.
සයිටම් ආයතනයට සිසුන් බදවා ගැනීම වහාම නතර කරන ලෙස දන්වා ඇත්තේ කමිටුවේ තීරණයක් අනුව බව රජයේ ආරංචිමාර්ග පවසයි. එහෙත් මෙසේ සිසුන් බදවාගැනීම් තාවකාලිකව නවතා ඇත්තේ දෙසැම්බර් 31 වැනිදා තෙක් හෝ වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතිය ගැසට් කරන තුරු බව ද එම ආරංචි සඳහන් කරයි.