தமிழ்
English
Contact
Saturday 30th September 2017    
සුව සේවා සංගම් අද දින සයිටම් විරෝධී අඛණ්ඩ උපවාසයට එක් වෙති ! « Lanka Views | Views of the truth

සුව සේවා සංගම් අද දින සයිටම් විරෝධී අඛණ්ඩ උපවාසයට එක් වෙති !



සයිටම් අහෝසි කරනු යන තේමාවෙන් ‘සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය‘ විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වාගෙන යන අඛණ්ඩ විරෝධතා අට්ටාලයට අද(6) සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති නියෝජිත පිරිසක් එක් වූහ.

අධ්‍යාපනයත් සෞඛ්‍ය සේවාවත් වෙළෙද භාණ්ඩකරණයට එරෙහිව අඛණ්ඩ අරගලයක නිරතවන සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය සමග එක්ව සයිටම් හොර උපාධි ආයතනය අහෝසි නොකර විවිධ රැවටිලිකාර ක්‍රියාමාර්ග ගැනීම පිළිබදව  ආණ්ඩුවට සිය විරෝධය පළ කරන බව ඔවුහු පැවසූහ.