Posted on 09.11.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් අර්බුදය විසදීම සඳහා පත් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හර්ෂ ද සිල්වා ඇමතිවරයාගේ මූලිකත්වයෙන් පත් කළ කමිටුවේ ස්ථාවරයන්ට එරෙහිව වැඩවර්ජන මගින් විරෝධය දැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය තීරණය කරයි.
වරින්වර සයිටම් අර්බුදය සම්බන්ධව කළ සාකච්ඡා අවසානයේදී ආන්ඩුව තවදුරටත් වෘත්තිය සමිති රැවටීම සිදුකරන බැවින් සහ මෙම විරෝධය ආණ්ඩුවට දැනෙන ලෙස පළ කිරීමට වෙනත් ක්‍රමයක් නොමැති බැවින් හෙට සිට ලබන 15 වන දා දක්වා දිස්ත්‍රික්ක වශයෙන් එක්දින වැඩ වර්ජනයන්ට අවතීර්ණවීමට එම සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මෙම වර්ජනය දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ජනමාධ්‍ය වෙත දැනුම් දී ඇත.