தமிழ்
English
Contact
Saturday 14th October 2017    
රනිල් ජර්මනියේ දින තුනක පෞද්ගලික සංචාරයක – ඉන්පසු ෆින්ලන්ත නිල සංචාරයක් ! « Lanka Views | Views of the truth

රනිල් ජර්මනියේ දින තුනක පෞද්ගලික සංචාරයක – ඉන්පසු ෆින්ලන්ත නිල සංචාරයක් !



අගමැති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයක් සඳහා අද (05) ජර්මනිය බලා යන බව අගමැති කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව අගමැතිවරයා දින තුනක ජර්මනියේ පෞද්ගලික සංචාරයෙන් අනතුරුව ඒ මහතා 09 වැනිදා ෆින්ලන්තයේ නිල සංචාරයක් සඳහා පිටත්වනු ඇත. ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීමත් වෙළෙඳ ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇති කර ගැනීමත් අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම සංචාරයට අගමැති බිරිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග්‍රාමාත්‍ය ‍ලේකම් සමන් ඒකනායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ‍ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අතිරේක ‍ලේකම් යුරේෂා ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය අතිරේක ‍ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන අය එක්වෙති.