தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
මැතිවරණ මේ වසරේ නොගෙන ජනවාරියට ගන්න ‘ස්වාධීන මැතිවරණ කොමිසම‘ට දැන්වුවා – රනිල් වික්‍රමසිංහ « Lanka Views | Views of the truth

මැතිවරණ මේ වසරේ නොගෙන ජනවාරියට ගන්න ‘ස්වාධීන මැතිවරණ කොමිසම‘ට දැන්වුවා – රනිල් වික්‍රමසිංහ



අයවැය කෙරෙහි අවධානය යොමුකළ යුතු නිසා මේ වසර තුළ මැතිවරණ නොපවත්වන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ(14) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරි රැස්වීමක් අමතමින් අගමැතිවරයා මේ බව හෙළි කළේය. මේ වනවිට මැති ඇමතිවරුන්ගේ අවධානය 2018 අය වැය කෙරෙහි යොමු කළ යුතු බවත් මැතිවරණ පැවැත්වීමට තීරණය කලොත් එම අවධානය මැතිවරණ කෙරෙහි යොමුවන නිසා මැතිවරණ මේ වසරේ නොපවත්වන ලෙස උපදෙස් දුන් බවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එම රාජ්‍ය නිලධාරින් හමුවේ ප්‍රකාශ කරන ලදී. අගමැතිවරයා ප්‍රකාශ කළේ මේ වසරේ අයවැයට අදාල කටයුතුවලට පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරවා ලබන වසරේ ජනවාරියේ මැතිවරණ පැවැත්විය හැකි බවයි.

ලංකාවේ මැතිවරණ සැමවිටම බලයේ පවතින පාලනයට වාසිදායක ලෙස ක්‍රියාත්මකවීම නිසා යෝජනා වූ ස්වාධීන මැතිවරණ කොමිසමක් පිළිබද ප්‍රතිසංස්කරණ 18වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එක් වුවද රාජපක්ෂ ආණ්ඩුව දක්වාම එය සක්‍රිය කරගන්නට නොහැකි විය. 2015 පත්වූ නව පාලනයේ මැතිවරණ පොරොන්දුවක් ලෙස මැතිවරණ කොමිසම බලාත්මක කෙරුණද තවමත් මැතිවරණ පැවැත්වීම පිළිබද ක්‍රියාවලිය ස්වාධීන වී නැත. විවිධ හේතු මත මැතිවරණ කොමිසමට අවශ්‍ය තීරණ ගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකිව තිබේ.