தமிழ்
English
Contact
Wednesday 23rd August 2017    
ජනාධිපතිගේ ජාතික ආර්ථික සභාවට අනුමැතිය හිමි වූ බව කැබිනට් තීන්දු ජනමාධ්‍යට දැනුම් දෙන විට මග හැරිලා « Lanka Views | Views of the truth

ජනාධිපතිගේ ජාතික ආර්ථික සභාවට අනුමැතිය හිමි වූ බව කැබිනට් තීන්දු ජනමාධ්‍යට දැනුම් දෙන විට මග හැරිලා



ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තම මූලිකත්වයෙන් පිහිටුවන්නට යෝජනා කළ ජාතික ආර්ථික සභාව පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

එසේවුවද අගෝස්තු 15 වැනිදා කැබිනට් තීරණ දැනුම් දෙන ජනමාධ්‍ය සාකච්ඡාවේදී මෙම කරුණ අවධානයට ලක්වී නොමැත. එසේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන පුවත් වෙබ් අඩවියේ කැබිනට් තීරන ප්‍රසිද්ධියට පත්කරන ප්‍රවෘත්තියේද එම කරුන සටහන්ව තිබුනේ නැත.

ජනාධිපතිවයා විසින් මෙසේ ජාතික ආර්ථික සභාවක් පිහිටුවීමට මීට සති තුනකට පෙර කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන ලද්දේ මේ වනවිටත් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක  වන ආර්ථික කමිටුව වෙනුවට තම මූලිකත්වයෙන් එම කටයුතු ඉදිරියට ගෙනයාමේ අරමුනින් බව දේශපාලන අංශවල කතාබහට ලක් විය. ජාතික ආර්ථික සභාව පිහිටුවීමට අදාළ කෙටුම්පත් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මේ වන විටත් ජනාධිපති ‍ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.