தமிழ்
English
Contact
Friday 25th August 2017    
අවාසිදායක නිදහස් වෙළෙඳ ගිවිසුම් මින් පසු අත්සන් කරන්නේ නෑ – ජනාධිපති කියයි « Lanka Views | Views of the truth

අවාසිදායක නිදහස් වෙළෙඳ ගිවිසුම් මින් පසු අත්සන් කරන්නේ නෑ – ජනාධිපති කියයි



දේශිය කර්මාන්තවලට සහ දේශීය ව්‍යාපාරිකයන්ට අසාධාරණයක් සිදුවන හෝ තර්ජනයක් එල්ල වන කිසිදු ආකාරයේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට රජය අත්සන් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.

අද (18) කොළඹ පැවති ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික සැලසුම්කරණ සම්මාන උළෙල අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේය. රජය විදේශ රටවල් සමඟ ගිවිසුම්වලට එළඹෙන්නේ දේශිය කර්මාන්තය ද රැක ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමේ ප්‍රතිපත්තිය මත පිහිටා බවද රටේ ආර්ථික කළමනාකරණය වඩා විධිමත් කරමින් ජාතික ආර්ථීකය ශක්තිමත් කිරිම සඳහා ජාතික ආර්ථික සභාව පිහිට වූ බව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේය. ජාතික ආර්ථික සභාව පිහිටුවීමේ අපේක්ෂාව අපනයන ආදායම වර්ධනය කිරිම මෙන්ම දේශිය කර්මාන්ත වර්ධනය ද බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ තීන්දු ගන්නට අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ මෙතෙක් පැවති ආර්ථික කමිටුව වෙනුවට ජාතික ආර්ථික සභාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන්නට ජනාදිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව පසුගියදා කැබිනට් ඇමතිවරු අනුමත කළහ. කෙසේවෙතත් දැනටමත් චීනය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා සිංගප්පූරුව සමග නිදහස් වෙළෙද ගිවිසුම් සදහා අවශ්‍ය මූලික එකගතාවන්ට ලංකාව අත්සන් තබා තිබේ. ජනාධිපතිවරයා පවසන අකාරයේ ජාතික ආර්ථිකයක් වර්ධනය කරන දෙසට කිසිදු පියවරක් පසුගිය දෙවසර තුළ වත්මන් හවුල් ආණ්ඩුව විසින් ගෙන නැත. ඒ යටතේ ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය මූලික සාකච්ඡා මේවනවිටත් කෙරෙමින් තිබේ. පසුගිය වසරේ මෙම ගිවිසුමට එරෙහිව මහජන විරෝධය නිසා එය අත්සන් කිරිම කල්දමන්නට ආන්ඩුවට සිදු විය.