Posted on 08.21.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (21) කැදවන ලද එක්සත් ජාතික පක්ෂ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මේ වනවිට රලියගහ මන්දිරයේදී පැවැත්වේ.
පසුගිය 17 වනදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් කඩ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර, එහිදී ඔහු විශ්වාසය කඩකර ඇති බවට යෝජනාවක්ද සම්මත කර ගැණිනි. පසුව මේ පිළිබඳව සොයා බැලීමට පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරණ ලදී. මෙම කමිටුව විසින් සකස් කළ නිර්දේශ පක්ෂ නායකයා වෙත භාරදීම අද සිදු කෙරේ.