Posted on 08.21.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාලඹේ SAITM ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන අඛණ්ඩ උපවාසය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද(21) දින ආරම්භ කරන ලදි.
අකණ්ඩ උපවාසය ආරම්භ කිරීමට පෙරාතුව එම ව්‍යාපාරය විසින් එම ස්ථානයේදීම දැවැන්ත උද්ගෝෂණයක්ද සංවිධානය කර තිබුණි.
මෙම විරෝධතා ක්‍රියාමාර්ගයන් සඳහා සරසවි සිසුන්, සිසු දෙමාපියන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, වෘත්තිය සමිති, කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු බලවේග රාශියක් සම්බන්ධ වී ඇති අතර ඔවුන් මෙම උපවාස ක්‍රියාමර්ගයටද දායකත්වය ලබා දෙමින් සිටී.
අවස්ථා කිහිපයකදීම පොලිසිය විසින් මෙම විරෝධතාවයන් නතර කිරීම සඳහා උත්සාහ කලද විරෝධතාකරුවන් එය නොසලකා හරිමින් කටයුතු කරන ලදි.
මේ වන විට SAITM ආයතනයට එරෙහි බලවේගයන් ශක්තිමත් වෙමින් එක අරමුණකට ගොනුවෙමින් සිටින අතර දිනෙන් දින උත්සන්න වන විරෝධයන් මර්දනය කරමින් SAITM ආයතනයේ ආරක්ෂාව ඇතුළු ජනතා අයිතීන් පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිමය වුවමනාව වෙනුවෙන් පමණක් ආණ්ඩුව තවදුරටත් කටයුතු කරමින් ඇත.





