Posted on 09.16.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
SAITM ගැටළුව නිරාකරණය කරන බව පවසමින් ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද ව්‍යාජ කමිටුව විසින් ආණ්ඩුවේ ඊනියා විසඳුම් මාලාව නැවත වටයකින් වචන පමණක් වෙනස් කර ඉදිරිපත් කර ඇත.
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතු මෙම කමිටුව විසින් මෙම ගැටළුව විසදීමට බව පවසමින් යෝජනා 4ක් ඉදිරිපත් කර ඇත. එහිදී ප්‍රමිතිගත කරමින් SAITM ආයතනය නම වෙනස් කරමින් පවත්වා ගැනීමට යෝජනා කර ඇත.
ඒ අනුව SAITM ආයතනය වසා දැමීම සම්බන්ධව කිසිඳු වගන්තියක් මෙහි ඇතුලත්ව නැති අතර ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය සඳහා මුළුමනින්ම එකඟ වන බවත් එම ප්‍රතිපත්තිය මූලික කරගනිමින් මුළු යෝජනාවලියම ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කර ඇත.
මෙම වාර්තාවට අනුව SAITM ආයතනයේ හිමිකාරීත්වය සඳහා රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ හිමිකාරීත්වය(Privet Public Partnership-PPP) යෝජනා කරන අතර ලාභ නොලබන එහෙත් රාජ්‍ය මූල්‍ය සඳහා කිසිඳු බරක් නොමැති අයුරින් පවත්වා ගත යුතු බවට පෙන්වා දී ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා මුළුමනින්ම ප්‍රාග්ධන සම්පාදනය සිදු කල යුතු වන්නේ පෞගලික අංශය වන අතර එම ආයෝජන මත කිසිඳු ප්‍රතිලාභයක් සඳහා ආයෝජකයා හිමිකම් නොලබයි.
තවද මෙම වාර්තාව සකස් කිරීමට අදාලව සිදු කරන ලද කිසිඳු සාකච්ඡාවකට හෝ වෙනත් අයුරකින් අදහස් ලබා ගැනීමකට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හෝ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සදහා කිසිඳු අවස්තාවක් ලබා නොදුන් මෙම ව්‍යාජ කමිටුව වෛද්‍ය පීඨ සිසුන්ගේ පන්ති වර්ජන ක්‍රියාමාර්ගයෙන් ඉවත්වීමට උනන්දු කරවීම උදෙසා සාකච්ඡා කිරීමටද යෝජනා කර ඇත.
සියළු පාර්ශවයන්ට පිළිගත හැකි විසඳුමක් සම්බන්ධව යෝජනා ලබා දීමට මෙම වාර්තාව කටයුතු කරන බව පවසමින් අවසානයේ පැහැදිලි ලෙසම ආණ්ඩුව තවදුරටත් SAITM ආයතනය ඇතුළු අධ්‍යාපන පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය වෙනුවෙන්ම පමණක් පෙනී සිටිමින් කටයුතු කරන බව මේ අනුව තවදුරටත් පැහැදිලි වේ.
එම වාර්තාව පහතින්.













