Posted on 09.20.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් එළඹෙන 04වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(20) දින නියෝග කරන ලදි.
ජුනි මස 21වන දින සෞඛ්‍ය අමාත්‍යංශය තුල සිදුකරන ලද විරෝධතාවයේදී එහි දේපල වලට ආලභ හානි කල බව පවසමින් ගොනු කරන ලද නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්තාවේ එහි ප්‍රධාන මහේස්ත්‍රාත් දුලානි එස් වීරතුංග විසින් මෙලෙස නියෝග කර තිබුණි.
මෙම නඩුවට අදාලව මින් පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිසු ක්‍රියාකාරීන් 5 දෙනෙකු දින 40කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය ඇතුළු SAITM වැනි ආයතන රැක ගැනීම වෙනුවෙන් ආණ්ඩු විසින් නිදහස් ආධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා සටන් කරමින් සිටින බලවේග මර්ධනය කිරීම සඳහා විවිද ආකාරයන්ගෙන් මැදිහත් වෙමින් සිටින බව දීර්ඝ ඉතිහාසයක් සාක්ෂි සපයමින් සිටී.