தமிழ்
English
Contact
Sunday 24th September 2017    
හෙට සයිටම් විරෝධී වැඩවර්ජනයට සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර එක් වේ ! « Lanka Views | Views of the truth

හෙට සයිටම් විරෝධී වැඩවර්ජනයට සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර එක් වේ !



මුදලට වෛද්‍ය උපාධි ලබාදෙන මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බලකරමින් සෞඛ්‍ය හා  අධ්‍යාපන ක්ෂේත්‍රවලට අයත් සේවක සේවිකාවන් හෙට (21)  දිවයින පුරා වැඩ වර්ජනයක් කැදවා ඇත.

සයිටම් විරෝධී ජනපවුර මගින් සංවිධානය කරනු ලබන එම වැඩ වර්ජනයට රටපුරා රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, රජයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පිරිවෙන් ගුරුවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයන් ඇතුළු වැඩ කරන ජනතා බලවේග එම වර්ජනයට එක්වන්නට නියමිතය. රටපුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට(21) පෙරවරු 8.00 සිට ආරම්භ කරන වැඩ වර්ජනය අනිද්දා (22) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

කෙසේවෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා ආයතන, වකුගඩු ආයතන හා හමුදා රෝහල්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකරන බවත් අනෙකුත් රෝහල්වල හදිසි ප්‍රතිකාර පමණක් සිදු කරනු ලබන බවත් නිවේදනය කර ඇත.