தமிழ்
English
Contact
Tuesday 8th August 2017    
ජාතික විරෝධතා දිනය අද « Lanka Views | Views of the truth

ජාතික විරෝධතා දිනය අද




නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වනසන වංචනික SAITM ආයතනය තවදුරටත් පවත්වා ගැනීමට එරෙහිවීම, 2016 අයවැය මඟින් කප්පාදු කරන ලද විශ්‍රාම වැටුප් කොල්ලයට එරෙහිවීම, රාජ්‍ය ව්‍යවසායන් හා දේපොළ විකිණීමට සහ විදෙශීයකරණයට එරෙහිවීම, ETCA වැනි වෙළඳ ගිවිසුම් හරහා රට අස්ථාවර කිරීමට එරෙහිවීම යන සටන් පාඨ පදනම් කර ගනිමින් අද(02) දින සයිටම් විරෝධී ජන පවුර විසින් ජාතික විරෝධතා දිනය ලෙස නම් කර ඇත.

මෙම විරෝධතා දිනය කේන්ද්‍ර කර ගනිමින් දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල, උසස් තාක්ෂණික ආයතන, රජයේ රෝහල්, අනෙකුත් රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ වැඩ බිම් විශාල ප්‍රමාණයක දැවැන්ත විරෝධතාවයන් දිනය පුරාවට සංවිධානය කර ඇති අතර දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් උද්ගෝෂණ හා පාගමන්ද සංවිධානය කර තිබේ.