Posted on 08.06.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් ගැටලුව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධ සාකච්ඡා කිරීමට වෘත්තිය සමිති සමග සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පවසයි.
එම සංගමය මින් පෙර අවස්ථා කිහිපයකදීම වැඩවර්ජන ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළද වරින්වර එම පියවර කල්දමනු ලැබිණී. වරක් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවකින් ලැබුනු විසදුමක් නිසා වැඩ වර්ජනය අත්හැර දැමූ අතර එහෙත් ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාව හොර සාකච්ඡාවක් බව සෞඛ්‍ය ඇමති විසින් ප්‍රකාශ කරණ ලදී. වරින්වර සයිටම් ගැටලුව සම්බන්ධව වෘත්තිය සමිති සමග සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කටයුතු කළද ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට හෝ තනිව වැඩවර්ජනයකින් සයිටම් අර්බුදය විසදන්නට හැකි බලපෑමක් ඇතිකරන්නට හැකිවූයේ නැත. පසුගියදා දින 5ක පාගමනක් මගින් විරෝධය පළ කරන්නට දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන හා ශිෂ්‍ය ව්‍යාපාරය ගත් උත්සාහයේදී වෛද්‍ය නිලධාරි සංගමය ඇතුලු වෘත්තිය සමිතිවල සහභාගිත්වයද නිල පැමිණීමකට සීමා විය. මෙම තත්වය තුළ සියලු වෘත්තිය සමිති අරගලය වෙත සිය දායකත්වය දියයුතු බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටු කැදවුම්කරු රයන් ජයලත් විශේෂ ඉල්ලීමක් ද කළේය.