தமிழ்
English
Contact
Wednesday 18th October 2017    
අධිකරණය මගින් පාගමන නතර කිරීමේ පොලීසියේ උත්සාහය වැළකේ « Lanka Views | Views of the truth

අධිකරණය මගින් පාගමන නතර කිරීමේ පොලීසියේ උත්සාහය වැළකේ



සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය පසු ගිය 31වන දා පේරාදෙණිය සරසවියෙන් ආරම්භ කරන ලද දින 5ක පා ගමන අද(04) පස්වන දිනය අවසන් කරමින් කොළඹට ලඟා වීමට නියමිතව ඇත.

මෙම පාගමන අද දින කොළඹ නගරයට ඇතුළුවීම නතර කිරීම සදහා කුරුදුවක්ත පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් පීඩාව වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළත් අධිකරණය එම ඉල්ලීම ඉවත දමා ඇති බව වාර්තාවේ.

සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ජනතාවට ඇති බවත් පොලිසීයට ඇති බලතල උපයෝගී කරගෙන පීඩාවක් ඇතිවුවහොත් ක්‍රියාමර්ග ගතහැකි බව විනිසුරුවරයා පොලීසිය අමතා පවසා අති බව වාර්තාවේ. පසුගිය කාලයේ පැවැති උද්ඝෝෂණ ආදිය පිළිබදව බී වාර්තා උපුටා දක්වමින් පොලීසිය කළ මෙම පාගම නතර කිරීමේ නීතිමය උත්සාහය මේ අනුව වැළකීගොස් අති බව වාර්තාවේ.

අද දින මෙම පාගමන අවසන් කරමින් කොළඹට ලඟා වීමට නියමිත වී ඇති අතර එහිදී විශේෂ රැළියක්ද සංවිධානය කර ඇති බව වාර්තාවේ.

පොලිසිය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සවි කර තිබු පුවරු