රජයේ සහ පෞද්ගලික හිමිකාරීත්වයෙන් නව විශ්වවිද්‍යාලයක්
Posted on 08.03.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
රජයේ සහ පෞද්ගලික අංශය හා ඒකාබද්ධව නව විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මිහිවී ඇත. මෙම ආයතනය රජය සහ පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස (Public Private Partnership) ලෙස ආරම්භ කිරීමට සැලසුම් කෙරේ.
ගෝලීය ශ්‍රම වෙළඳපොල තරගකාරීත්වයට ගැලපෙන අයුරින් නිපුණතාවයන් සහිත ශ්‍රමිකයකු නිර්මාණය කරලීම සඳහා මෙම ව්‍යාපෘතිය යෝජනා කරයි. ඒ අනුව මෙම ආයතනය ඉංජීනේරු විද්‍යාව සහ ව්‍යාපාර විද්‍යාව පිලිබඳ ඉගැන්වීම ප්‍රමුඛ කරගනිමින් ලාභ අරමුණු කර නොගනිමින් ක්‍රියාත්මක වන බව පැවසේ.
කෙසේ වෙතත් ආණ්ඩුව විසින් සමාජීය අරමුණු පසෙකලා අධ්‍යාපනය තුලින් ශ්‍රම වෙළඳපොලට පමණක් අවශ්‍ය වහල් සේවකයෙකු නිර්මාණය කරලීම උදෙසා කටයුතු කරමින් සිටින බව දක්නට ඇත.