தமிழ்
English
Contact
Wednesday 1st November 2017    
දෙනෙකු මියගිය අනතුර සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සොයුරා වගකීම භාරගනී! « Lanka Views | Views of the truth

දෙනෙකු මියගිය අනතුර සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සොයුරා වගකීම භාරගනී!



පොලොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ දී මෝටර්  රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනකු මිය යාමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයෙකු වන නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන විසින් භාරගෙන ඇත.

තම පියා දරුණු ලෙස වකුගඩු රෝගයෙන් පීඩාවිදින බවත් සතියකට වතාවක් පොලොන්නරුව මහ රෝහලට පැමිණ ලේ මාරු කර ගැනීම කරගන්නා බවත් රෝහලට පැමිණ ලේ මාරු කරගෙන ආපසු නිවසට යමින් සිටිය දී මෝටර්  රථයක් තම යතුරු පැදිය හප්පාගෙන පළා ගිය බවත් බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කළ ජයරත්න යන අය මියයාමට පෙර පොලිසියට පවසා තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කවුඩුල්ල, පිංපාර යටියල්පතාන, අංක 2/12 හි පදිංචිව සිටි එල්.එම්.ජේ.එම්.බුද්ධදාස (59) සහ ඔහුගේ ජයරත්න  නමැති පුත්‍රයාය. මේ අනතුර සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ පවත්වන අතර තුර ඊයේ (09) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයෙකු වන නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන (ලාල්) පොලිසියට පැමිණ භාර වී ඇත. සැකකරු ඊයේ (09) පොලොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුඅව හෙට (11) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

මේ අතර අනතුරින් මිය ගිය පියා සහ පුත්‍රයා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින් බව එම පක්ෂය පවසයි.

Save

Save

Save

Save