Posted on 09.29.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අම්පාර උහන මාර්ගයේ අධික වේගයෙන් ගමන්ගත් විමලවීර දිසානායක දිසානායක මන්ත්‍රිවරයාගේ ජීප් රථය අද(29) උදෑසන යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් තිබේ.
කරන්ගාව නම් ස්ථානයේදී මෙම අනතුර සිදුවනවිට යතුරුපැදිය මෙන්ම අම්පාර දෙසට ගමන්ගත් ජීප් රිය අධික වේගයෙන් ගමන්කර ඇති බව පොලිසිය පවසයි. උහන ප්‍රදේශවාසියකු වන 36 හැවිරිදි යතුරුපැදිකරු මියගිය අතර ඔහුසමග ගමන්ගත් පුද්ගලයකු බරපතල තුවාල සහිතව රෝහල්ගතකර ඇත.