தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
මාස 8යි, මරණ 1800යි, මගමරු ජීවිතයේ සංඛ්‍යාලේඛනවල ඇත්ත ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාස 8යි, මරණ 1800යි, මගමරු ජීවිතයේ සංඛ්‍යාලේඛනවල ඇත්ත !



2017 වසරේ ගෙවී ගිය මාස අටක් තුළදී සිදු වූ රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 1800 කට අධික බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ ජනමාධ්‍ය වෙත හෙළිකරයි.

මාර්ගයේ ගමන් කළ පදිකයන් හා යතුරුපැදිකරුවන් වැඩි වශයෙන් මියගොස් එවැනි විශාල ආපදා තත්වයකට හේතුවන ආකාරයෙන් සිදු වූ මාරක රිය අනතුරු ගණන 1708 කි. සිදුවූ එම රිය අනතුරුවලින් පදිකයන් 533 දෙනකු ද, යතුරුපැදිකරුවන් 586 දෙනකු ද මරුමුවට පත්වී ඇතැයි මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සංඛ්‍යා ලේඛන හෙළි කරයි. මීට අමතරව මෙම කාලය තුළ මාරක රිය අනතුරුවලින් රියැදුරන් 142 ක්, මගීන් 256 ක්, පාපැදිකරුවන් 164 ක් සහ සාමාන්‍ය වැසියන් 2ක් ද මරණයට පත්ව ඇත. සංඛ්‍යාෙල්ඛන අනුව ත්‍රිරෝද රථවලින් සිදු වූ මාරක රිය අනතුරු ප්‍රමාණය 223 ක්‌ වන අතර ඉන් මියගිය ගණන 241 කි. රිය අනතුරු නිසා දෛනිකව මහමගදී මරණ 8ක් සිදුවන අතර 20 කට අධික පිරිසක්‌ ආබාධිත තත්වයට පත්වන බවද හෙළිවේ.

කෙසේවෙතත් මෙවැනි රිය අනතුරු විශාල ප්‍රමාණයක් ඇතිවීම නැවතීමෙ සම්බන්ධයෙන් මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ ප්‍රකාශ කරන්නේ ඒ සදහා ආකල්පමය වෙනසක් කළ යුතු බවයි. රිය අනතුරු සිදුවන පසුබිම සලකා බලන විට සාමාන්‍ය ජනයා මෙන්ම රියදුරන්ගේ දෛනික ජිවිතයේ ඇති කලබලකාරී බව සහ ජිවිත ගැටලු රාශියකි. එසේම මාර්ගවල ඉඩකඩ මෙන්ම ඉදිකිරීම් ප්‍රමිතිය අනතුරුවලට හේතුවකි. ලාභය පසුපස දිව යන සමාජ ක්‍රමයක මෙතරම් විශාල සංඛ්‍යාවක් අනතුරු ඇතිවන හේතු වෙනස් කිරිම යනු ආකල්ප වෙනස්කිරීම පිළිබද පමණක් නොවන බව පැහැදිලිවන කරුණකි.