පැරණි පාසල් ගොඩනැගිල්ල දරුවන්ට මාරකයක්!
Posted on 05.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජා ඇළ තුඩැල්ල නිලමරියා බාලිකා පාසලේ වසර 100ටත් වඩා පැරණි ගොඩනැගිල්ලක් හේතුවෙන් තම දරුවන් දරුණු අවදානමක පසුවන බැවින් අදාළ ගොඩනැගිල්ලෙන් සිසුවියන් ඉවත් කර නව ගොඩනැගිල්ලක් ඉදිකරන ලෙස ආණ්ඩුවට බලොකරමින් දෙමාපියන් සහ ප්‍රදේශවාසින් පිරිසක් විසින් අද දින (23) උද්ඝෝෂණයක් සංවිධානය කරන ලදී.
නිලමාරියා දේවස්ථානයට අයත් ඉපැරණි මෙම ගොඩනැගිල්ල මුල් කර ගනිමින් මීට වසර 75කට පෙර මෙම පාසැල ආරම්භ කර ඇත. තාවකාලික පිළියම් යොදමින් ගොඩනැගිල්ල අලුත් වැඩියා කලද නිසි ප්‍රතිසංස්කරණය සිදු නොකිරීම මත පසුගිය සිකුරාදා දින විශාල බදාම තට්ටුවක් කඩා වැටි ඇත. මේ වන විට ස්ථාන ගණනාවකින්ම මෙම ගොඩනැගිල්ල ඉරි තලා ඇති බව වාර්තා වේ. පංති 11කට අයත් සිසුවියන් 500ක් පමණ මෙම ගොඩනැගිල්ලේ අධ්‍යාපනය හදාරන බව පැවසේ.
මෙම විදුහල සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා මුදල් වෙන් කිරීමක් පවා සිදු කර ඇති අතර මේ වන තෙක් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳ විරෝධතාකරුවෝ කනස්සල්ල පළ කරති.
පසුගියදා වත්තේගම සිරිමල්වත්ත මහා විද්‍යාලයේ මෙවැනිම අවදානම් සහිත ගොඩනැගිල්ලක වහලය කඩා වැටීමෙන් සිසුන් 15 දෙනෙකු පමණ තුවාල විය.
