தமிழ்
English
Contact
Tuesday 12th September 2017    
සරසවි ආචාර්යවරු සහ වෘත්තීයවේදීන් SAITM විරෝධී අඛණ්ඩ උපවාසය හා එක්වේ « Lanka Views | Views of the truth

සරසවි ආචාර්යවරු සහ වෘත්තීයවේදීන් SAITM විරෝධී අඛණ්ඩ උපවාසය හා එක්වේ



සරසවි ආචාර්යවරුන් සහ නිදහස් අධ්‍යාපනය උදෙසා වෘත්තීය වේදීන් අද(03) දින නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යත් සුරක්ෂිත කිරීම සඳහා වූ SAITM විරෝධී අඛණ්ඩ උපවාසය සමඟ එක්වෙන ලදි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන මෙම උපවාස ක්‍රියාමාර්ගයේ 14වන දිනය සඳහා ඔවුන් සිය සහාය ලබා දී තිබුණි.

දිනෙන් දින SAITM ආයතනයට එරෙහිව ගොඩ නැගෙමින් පවතින මෙම විරෝධයන් යටපත් කිරීමට පමණක් උත්සාහ කරමින් සිටින ආණ්ඩුව නැවත වටයකින් මේ සම්බන්ධ ව්‍යාජ මැදිහත්වීමක් උදෙසා වාර්තාවක් ඉදිරිපත් කිරීමට සුදානම් වෙමින් සිටි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සෘජු මැදිහත්වීමෙන් සිදුකරන මෙම වාර්තාව දින 10ක් තුල ලබා දෙන ලෙස කොමිසමට දැනුම් දී තිබු අතර ඒ සඳහා පාර්ශව පත්කිරීම තුලින්ම වාර්තාවේ නිගමන හරහා අලුතින් යමක් බලාපොරොත්තු නොවිය හැකි බව ඉතා පැහැදිලිය.

සයිටම් අහෝසි කරනු! අඛණ්ඩ උපවාසයේ 14 වන දින විශ්වවිද්‍යාලයීය ආචාර්යවරැ අදහස් දක්වමින්..

Posted by සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය on Saturday, September 2, 2017

සයිටම් අහෝසි කරනු! අඛණ්ඩ උපවාසයේ 14 වන දින විශ්වවිද්‍යාලයීය ආචාර්යවරැ අදහස් දක්වමින්..

Posted by සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය on Saturday, September 2, 2017