Posted on 10.12.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වතු කම්කරු දරුවන්ට මව්බසින් ඉගෙනීමට අවස්ථාව නොලැබීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩ වු බවට දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කර තිබේ.
වතුකරයේ සේවය කරන දෙමළ කම්කරුවන්ගේ දරුවන්ට මව්බසින් අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම පිළිබද පවරන ලද නඩුවේ පෙත්සම්කරුවන් වන්නේ කන්දයියා අරුණාසලම්, පාවඩේ චන්ද්‍රකාන්ති, විජයන් ශාන්ති සහ තංගවේල් රමණී යන අයයි. තම දරුවන්ට තම මව්බසින් අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම තහවුරු කරන ලෙසද ඒ සඳහා පාසලක් ලබා දෙන්නට නියෝග කරන ලෙසද පෙත්සම මඟින් ඔවුන් ඉල්ලා ඇත.