தமிழ்
English
Contact
Monday 23rd October 2017    
පොලිස් අධිකාරීවරයකු විසින් මත්තලදී අත්අඩංගුවට ගත් අයකුට පහර දීලා ! « Lanka Views | Views of the truth

පොලිස් අධිකාරීවරයකු විසින් මත්තලදී අත්අඩංගුවට ගත් අයකුට පහර දීලා !



මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට පැවරීම සම්බන්ධයෙන් ඊයේ (6) පැවති  විරෝධතාවයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයකුට සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් පහරදී ඇතැයි චෝදනා නැගී තිබේ.

පොලිසියේ දෙදෙනකු විසින් අත්අඩංගුවට ගෙන රැෙගන යද්දී එතැන සිටි සහකාර පොලිස් අධිකාරීවරයකු සැකකරුගේ කණට ගසන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ වෙබ් අඩවිවල සංසරණය විය. ලංකාවේ පවතින නීති අනුව කිසිම සැකකරුවකුට අත්අඩංගුවට පත්වූ පසු පහර දිය නොහැකිය. මෙසේ පොලිස් අධිකාරිවරයා විසින් පහරදී අැත්තේ සති අන්ත පුවත්පතක නිදහස් මාධ්‍යවේදියකු බව ද කියනු ලබයි.

මින් පෙර අවස්ථා කිහිපයකදීම උද්ඝෝෂණවලදී පුද්ගලයන්ට පහරදීම දිගටම සිදු විය. විශේෂයෙන් හම්බන්තොට වරාය සේවක විරෝධතාවකදී මාධ්‍යවේදියකුට පහරදීම සම්බන්ධයෙන් ඒවකට නාවික හමුදාපතිවරයාට චොද්නා ඒල්ල විය. ඒහෙත් ඒම සිදුවීම් පිළිබද විධිමත් පරික්ෂණ හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් මෙ ්දකවා සිදුව නැත.