Posted on 10.05.2017 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
නව ව්‍යවස්ථාව යටතේ සියලු ආගම්වලට සමාන තැන හිමිවන බවත් බුද්ධාගමට පළමු හා ප්‍රමුඛ තැන හිමිවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
අද (5) හිල්ටන් හෝටලයේ පැවති සාක් කතානායකවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංගමයේ සමුලුවේ ප්‍රධාන දේශනය කරමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ උපරිම බලය බෙදීමක් යටතේ ෙමම ආගමික අයිතින් ලබාදෙන්නට කටයුතු කරන බවයි.
කෙසේවෙතත් සියලු ආගම්වලට සමාන තැන දෙනවිට බුද්ධාගමට ප්‍රමුඛ තැන ලබාදෙන්නේ නම් අන්‍ය ආගම්වලටත් සමාන තැනක් හිමවන්නේ කෙසේද යන්න අගමැතිවරයා පැහැදිලි කලේ නැත.