Posted on 09.26.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහනුවර ගන්නෝරුව ප‍්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් සිසුවියන් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් ඔවුන් හිංසනයට ලක්කළේ යැයි කියන සිද්ධියට අදාළව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අරඹා ඇති පරික්ෂණය තව දුරටත් පුළුල් කළ බව එහි සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා ජනමාධ්‍ය වෙත අනාවරණය කරයි.
මහනුවර ගන්නෝරුව ප‍්‍රදේශයේ පාසල් සිසුවියන් 250ක් පාසල් වෙලාවේ මහමගට ගෙන ඔවුන් හිංසනයට ලක්කකිරීම සම්බන්ධ සිද්ධියට අදාළව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අරඹා ඇති පරික්ෂණ අපරාධ නීතිය ඔස්සේද ඉදිරියට ගෙනයාමට තීරණය කර ඇත. අදාළ අවස්ථාව සඳහා සහභාගී වූ දරුවන්ගේ තොරතුරු, එහි පැමිණී ගුරුවරුන්ගේ තොරතුරු මෙන්ම අදාළ අවස්ථාවට දරුවන් සහභාගී කරවන ලෙස නියෝග කරන ලද්දේ කවුරුන්ද යන්න පිළිබද පැහැදිලි ප‍්‍රකාශ ලබාගෙන එම විමර්ශනය සිදුකරනු ලබන බව ට ලක්වෙනු ඇතැයි සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා කීවාය. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ ප‍්‍රධානී සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් මහතා ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කළ බව ද ඇය කීවාය.
මේ අතර තමන් දරුවන් සහභාගි කරවුයේ තම කැමැත්තෙන් බව ප්‍රකාශ කරන මවුලියන් පිරිසක්ද වෙති. සිය දරුවන් මෙවැනි හිංසාකාරී අවස්ථාවන්ට යැවීම සම්බන්ධයෙන් මවුපියන්ට කිසිදු වරප්‍රසාදයක් නොමැති බවද ළමාරක්ෂක අධිකාරියේ අවධානයට ලක්ව ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් පළ වේ.

