Posted on 09.05.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
වන අලි ගැටළුවට හොදම විසඳුම වැඩි වන අලින් ප්‍රමාණය විදෙස් රටකට විකුණා දැමීම බව නිපුනතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි.
බලන්ගොඩ සමිබන්ධීකරණ රැස්වීමක් අමතමින් ඊයේ(04) දින ඔහු මේ බව පවසන ලදි.
මෙරට භූමි ප්‍රමාණය අනුව අලි ගහනය 4000ක් පමණ සිටිය යුතු බවත් දැනට 6000ක් පමණ වන අලි ගහනය පාලනය කිරීම සඳහා මෙලෙස විදෙස් රටකට විකුණා දැමීම වඩා යෝග්‍ය බව ඔහු මෙහිදී පවසන ලදි.
ඌරන්, වඳුරන් හා රිලවුන් වැනි සතුන්ද අසීමිතව වැඩි වී ඇති බවත් දුර්ලභ සත්ව කොට්ඨාශ වල ආරක්ෂාව සඳහා සුලභ සතුන් පාලනය කල යුතු බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් පේනවා දෙන ලදි.
කෙසේ වෙතත් මෙම වන අලි ගැටළුවට ප්‍රධානතම හේතුව වන අලි ගහනය වැඩි වීම නොවන බව පැහැදිලිව පෙන්වා දිය හැකි කරුණකි. ඊනියා සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් සිදුවන අවිධිමත් වනාන්තර හා පාරිසරික සාධක විනාශ කිරීම් හේතුවෙන් ඇති වූ ගැටළු මඟින් මෙම තත්වය නිර්මාණය වී ඇත.
ලංකාවේ මෙතෙක් පාලන කටයුතු සිදු කරන ලද ආණ්ඩු විසින් නිර්මාණය කරන ලද ගැටළු නැවතත් එම ආණ්ඩුවලම ආදායම් මාර්ග කර ගැනීමට කරන ලද යෝජනාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.