Posted on 09.28.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් අායතනයේ අයිතිය මාලඹේ පිහිටි ස්ලිට් (SLIIT) අායතනයට පවරාදී විසදුමක් ලබා දුන් බව පෙන්වීමට ජනාධිපති කමිටු වාර්තාව ඇසුරින් ගෙනැවිත් අැති යෝජනාවක් සම්බන්ධයෙන් වෙෙද්‍යපීඨවල පීඨාධිපතිවරු අද (28) ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාව සමග සාකච්ඡා කළ බව වාර්තා වේ.
මීට සමගාමීව රාගම පිහිටි කැළනිය විශ්වවිද්‍යාලයීය වෙෙද්‍ය පීඨයේ පීඨාධිපතිනිය විසින් රාගම වෙෙද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පසුගිය සතියේ ලිපියකින් දැනුම් දී අැත්ෙත් සයිටම් ගැටලුවට ඉක්මන් විසදුමක් ලබාදෙන බැවින් දේශනවලට සහභාගි වන ෙලසයි. කෙසේෙවතත් ඒසේ සයිටම් අායතනය පවරාගෙන මාස කිහිපයකින් තවදුරටත් ශිෂ්‍යයන් බදවාගැනීම් නොකරන තත්වයක් තුළ ඒය අහෝසිවන්නට නියමිත බවක් පීඨාධිපතිනිය සිය ලිපියේ සදහන් කර අැත.
මේ අාකාරයෙන් සයිටම් අායතනය වෙනුවට මුදලට උපාධි පිරිනමන ස්ලිට් අායතනය යටතේ සයිටම් අායතනය නම වෙනස්කර පවත්වාෙගන යාමට වෙෙද්‍ය පීඨාධිපතිවරු ඒකගතාව පළ කර අැත්දැයි තවමත් වාර්තා වී නැත. මේ අතර රාගම වෙෙද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂයාවන්ට අද දින රැස්වීමකට සහභාගිවන ලෙසද දන්වා තිබිණි.