தமிழ்
English
Contact
Saturday 23rd December 2017    
ධම්මික පෙරේරාගේ හේලිස් සමූහය, සිංගර් ව්‍යාපාරය අත්පත් කරගැනීමේ ගනුදෙණුවක ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ධම්මික පෙරේරාගේ හේලිස් සමූහය, සිංගර් ව්‍යාපාරය අත්පත් කරගැනීමේ ගනුදෙණුවක !



ධම්මික පෙරේරා විසින් හසුරුවනු ලබන හේලිස් සමූහ ව්‍යාපාරය විසින් සිංගර් ශ්‍රී ලංකා ව්‍යාපාරය ගිලගැනීමේ කොටස් වෙළදපොළ ගනුදෙනුවක යෙදී සිටින බව වාර්තා වේ.

හේලිස් ව්‍යාපාර සමූහය විසින් රු.බිලියන 12.5ක් වැය කරමින් සිංගර් ව්‍යාපාරයේ සමස්ත කොටස්වලින් 71%ක් හිමිකරගැනීමේ ගිවිසුම් අත්සන් කර තිබේ. ඒ අනුව මේ ගනුදෙනුව සම්පූර්ණවීමෙන් පසුව ධම්මික පෙරේරා සම සභාපතිවරයකුලෙස කටයුතු කරන හේලිස් ආයතනය සිංගර් ආයතනය මෙහෙයවීමේ බලය බවට පත්වන්නට නියමිතය. සිංගර් කර්මාන්ත ආයතනය, රෙග්නිස් ආයතනය සහ සිංගර් මුල්‍ය සමාගම වශයෙන් තුන් ඈදුතු ව්‍යාපාරයක් ලෙස සිංගර් ව්‍යාපාරයේ සමස්ත වත්කම් පසුගිය ජූනි මාසය අවසන් වනවිට රු.බිලියන 44.4ක් ලෙස වාර්තා විය. පසුගිය මාසයේදී ශ්‍රීලංකා නැව් සමාගම රු.බිලියන 4.9කට මිලදී ගැනීමටද හේලිස් සමූහය සමත් විය. දැනට මුල්‍ය ආයතන දෙකක හිමිකාරත්වය දරන ධම්මික පෙරේරා සිංගර් මුල්‍ය සමාගම අත්පත් කරගැනීමෙන් මෙරට මුල්‍ය වෙළෙදපොළ හැසිරවීමේ බලය තවදුරටත් වැඩි කරගනු ඇත.