தமிழ்
English
Contact
Friday 6th October 2017    
පෙට් ස්කෑන් යන්ත්‍ර අරමුදල සෞඛ්‍ය අමාත්‍යංශයේ – පිළිකා රෝගින් මරණය අබියස ! « Lanka Views | Views of the truth

පෙට් ස්කෑන් යන්ත්‍ර අරමුදල සෞඛ්‍ය අමාත්‍යංශයේ – පිළිකා රෝගින් මරණය අබියස !



තම පුත්‍රයා මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ගනිද්දී පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම සඳහා මිලියන 200ක අරමුදලක් අැති කළද ඔහු මියයන තුරු ඒය මිලදී ගත නොහැකි වූ බව අරමුදල පිහිටුවීමට  පුරෝගාමී වූ ඒම්.ඒස්.ඒච් මොහාමඩ් පවසයි.

දරුණු පෙනහලු පිළිකා රෝගයකින් පෙළුණු මොහොමඩ් ගේ පුතු එම්. උමෙයිඩ් පසුගිය11 වැනිදා රාත්‍රියේදී කොළඹ පෞද්ගලික රෝහලකදී අවසන් හුස්ම හෙළීය. පුත්‍රයාට ප්‍රතිකාර කිරීමට වියදම් කිරීමට අමතරව මහරගම පිලිකා ෙරා්හලේ අඩුපාඩුවක්ව තිබෙන පෙට් ස්කෑන්  මාස 16ක් ගත වුවද මේ වන තෙක් එය මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකිරීම බලවත් අසාධාරණයක් බව එය මිලදී ගැනීමට මුදල් එකතු කිරීමට මූලික වූ එම්. මොහොමඩ් සඳහන් කරයි.

ඔහු විසින් තම පුතුට වැළඳුණ දරුණු පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා වසර හතරක් පුරා පෞද්ගලික රෝහල්වල පෙට් ස්කෑන් පරීක්ෂණ  දහයක් සිදු කර තිබුණි. ඒි සදහා එක් පරීක්ෂණයක් සඳහා ලක්ෂ එකහමාරක මුදලක් වැය වූ බවත් දිළිදු පිළිකා රෝගීන්ට මෙතරම්  මුදලක් වැය කිරීමට නොහැකිය. අපේක්ෂා රෝහලට “ පෙට් ස්කෑන්” යන්ත්‍රයක් මිල දී ගැනීම සඳහා කටයුතු කළේ රෝගී වී සිටිය දී පුත්‍රයා විසින් තමාට කළ අායාචනයකට පසු බව මෙම අරමුදල ආරම්භ  කළ බව මොහොමඩ් පැවැසීය.

ඔහුගේ මූලිකත්වයෙන් යුත් කදීජා පදනම අරමුදල ආරම්භ කර “පෙට් ස්කෑන්” යන්ත්‍රය මිලදී ගැනීම සඳහා සඳහා මාධ්‍ය මගින් කළ ප්‍රචාරයට අනුව මාස තුනක් තුළ ලංකා බැංකු ගිණුමට කෝටි 25කට අධික මුදලක් රැස් කර ගැනීමට හැකි විය. විවිධ මට්ටමේ පරිත්‍යාගශිලින් 70,000ක් පමණ ෙමම අරමුදලට දායක වූ බව අරමුදෙල් සභාපති මොහාමඩ් පවසයි. ඒහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඒම මුදල තබාෙගන පෙට් ස්කෑනරය මිලදී ගැනීෙම් ටෙන්ඩරය ප්‍රමාද කළ බව වාර්තා විය. ඒම මිලදීගැනීම ප්‍රමාද වන්නට හේතුව සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් අදාල පෙට් ස්කෑන් යන්ත්‍ර සැපයුම්කරු සමාගම්වලින් කොමිස් මුදල් ගසාකෑමේ අවශ්‍යතාව බවට චෝදනා ඒල්ල වී තිෙබ්.