தமிழ்
English
Contact
Saturday 11th November 2017    
ගොවිතැනට හානි කරමින් ඉදිකෙරෙන විදුලි බලාගාරය « Lanka Views | Views of the truth

ගොවිතැනට හානි කරමින් ඉදිකෙරෙන විදුලි බලාගාරය



අක්‍රමවත් ලෙස ඉදිකෙරෙන විදුලි බලාගාරයක් හේතුවෙන් දඹුල්ල-ඉබ්බන්කටුව, නවගස්තිපුර ප්‍රදේශයේ අක්කර 100 ගණනින් වූ ලොකු ළූණු වගාවක් ජලයෙන් යටවෙමින් මුළුමනින්ම හානියට පත් වී ඇති බව වාර්තා වේ.

ඉබ්බන්කටුව ජලාශය උපයෝගී කරගනිමින් සිදු කරන මෙම ඉදිකිරීම හේතුවෙන් අස්වනු නෙලමින් පවතින විශාල වගාබිම් රාශියක් හානියට පත් වී ඇති බව පැවසේ.

ඊයේ(01) දින එම ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙම තත්වය ඇති වී තිබෙන අතර නිසි පරිසර අධ්‍යනයකින් තොරව ආරම්භ කරන ලද මෙම කුඩා විදුලි බලාගාරය පාරිසරික ගැටළු රාශියක් ඇති කරමින් සිටින බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

අදාළ ඉදිකිරීම සම්බන්ධව ඉංජිනේරුවරයාගෙන් ගොවීන් ප්‍රශ්න කර ඇති අතර බලාගාරයේ ගැටළු සහගත බාවය පිළිගනිමින් ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත් පරිසරය පිලිබඳ කිසිඳු තැකීමකින් තොරව ලාභ වෙනුවෙන් සිදු කරන මෙවැනි ඉදිකිරීම් හේතුවෙන් ඇතිවන අයහපත් ප්‍රතිඵලවලටද අවසානයේ ගොදුරු වීමට සිදුව ඇත්තේ මෙවැනි වැඩකරන පන්තියේම පිරිසකටය.