Posted on 08.11.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සමෘද්ධි අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් සමෘද්ධි ප්රතිශෝධන වැඩසටහන ජනතා විරෝධය හමුවේ හකුලා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.
ඊයේ(10) දින ජානාධිපති නිල නිවසේදී පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවත් එහිදී සමෘද්ධි ලාභීන් මෙම වැඩසටහනට දක්වනලද දැඩි විරෝධය පිලිබඳ හේතුවෙන් මෙලෙස කටයුතු කර ඇති බව සඳහන්.
මෙම වැඩසටහන හේතුවෙන් විශාල පිරිසකගේ සමෘද්ධි හිමිකම අවලංගු වී තිබු අතර විෂයභාර අමාත්‍ය එස්. බී. දිසානායක එම චෝදනා දිගින් දිගටම නොසලකා හරිමින් කටයුතු කර තිබුණි.