தமிழ்
English
Contact
Sunday 30th July 2017    
අර්ජුන් ඇලෝසියස්, රවිට මහල් නිවාසයක් අරන් දුන්නා – කොමිසමට සාක්ෂි ඉදිරිපත් වේ! « Lanka Views | Views of the truth

අර්ජුන් ඇලෝසියස්, රවිට මහල් නිවාසයක් අරන් දුන්නා – කොමිසමට සාක්ෂි ඉදිරිපත් වේ!




මහ බැංකු බැදුම්කර සම්බන්ධ වංචනික ගනුදෙනුවේ ප‍්‍රධාන චූදිතයෙක් වන පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් අධිපති අර්ජුන් ඇලෝෂියස් විසින් කොළඹින් අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී පදනමට ගෙන ලබා මුදල් ඇමති රවි කරුණානායකට දුන් බව බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ අද(24) හෙළි විය.
ඒ බව අනාවරණය වූයේ එම සුඛෝපබෝගී මහල් නිවාසය අර්ජුන් ඇලෝෂියස්ට කුලී පදනම මත ලබා දුන් ව්‍යාපාරික කාන්තාව අද බැදුම්කර කොමිසමට ලබා දුන් සාක්ෂිවලට අනුවය. තමන් එම සුඛෝපබෝගී නිවස කූලී පදනම මත ලබා දෙන බවට වූ  තොරතුරු මත අදාළ අමාත්‍යවරයාගේ බිරිද එම නිවස පරික්ෂා කිරීමට පැමිණි බවත්, ඒ මොහොතේදී ඇය ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව අර්ජුන් ඇලෝෂියස් ද නිවස පරීක්ෂා කිරීමට පැමිණි බවත් ඇය කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ. එම ව්‍යාපාරික කාන්තාවගේ පාසල් මිතුරෙක් ද වූ අර්ජුන් ඇලෝෂියස්  එම නිවස කුලී පදනම මත ලබා ගන්නේ තමන් බව ඇයට පවසා ඇති බව ප්‍රකාහ විය. මසකට රුපියල් ලක්ෂ 14ක මුදලකට කුලී පදනම මතමෙම නිවස ලබා ගැනීමට අර්ජුන් ඇලෝෂියස් එකඟ වූ බවත්, මාස 06ක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 72ක මුදලක් තමන් ලබා දුන් බවත් සාක්ෂිකාරිනිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ව්‍යාපාරික කාන්තාව කියා සිටියේ ඇමති රවි කරුණානායකගේ බිරිදද එම නිවස පරික්ෂා කිරීම සදහා පැමිණි බවයි. එහිදී ඇය විසින් දුන් දුරකථන ඇමතුමකින් අර්ජුන් ඇලෝෂියස්ද එහි වහා පැමිණි බවයි.
මේ අතර මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්ගේ බෑණා වන පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, පරිගණක ඇතුලු සියලුම විද්‍යුත් සන්නිවේදන උපකරණ සියල්ලම විමර්ශණ නිලධාරීන්ට බාර දෙන ලෙස අර්ජුන් ඇලෝසියස් වෙත අද (24) බැඳුම්කර කොමිසම විසින් නියම කරණ ලදී. කොමිසමේ සාක්ෂ්‍ය විභාග කරන අතරතුර ඇතිවු තත්වයක් මත 2015 සහ 2016 කාලයන්හිදී අර්ජුන් ඇලෝසියස් විසින් භාවිතා කරන ලද විද්‍යුත් සන්නිවේදන උපකරණ සියල්ලම කොමිසම බාරයට ගන්නා ලෙස කළ ඉල්ලීමක් පිළිගනිමින් කොමිසම එලෙස නියම කළේය.