தமிழ்
English
Contact
Friday 8th December 2017    
2016 රජයේ ගිණුම් විගණනය ප්‍රතික්ෂේප කළා! – විගණකාධිපති « Lanka Views | Views of the truth

2016 රජයේ ගිණුම් විගණනය ප්‍රතික්ෂේප කළා! – විගණකාධිපති



වරලත් ගණකාධිකාරීවරුන්ට වාර්තා සකස් කිරීම සඳහා ලබාදී ඇති නිර්දේශයන් අනුගමනය කරන ලෙස දිගින් දිගටම දැනුම් දුන්නද එසේ නොකිරීම නිසා 2016 වර්ෂයට අදාළ රජයේ ගිණුම් විගණනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් මත පළ කිරීම තමා ප්‍රතික්ෂේප කළ බව රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ  පවසයි.

බැදුම්කර කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවානගේ මෙහෙයවීම යටතේ නැවත ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් විජේසිංහ මහතා මෙම කරුණු හෙළි කළේය. රජයේ බැඳුම්කර සම්බන්ධයෙන් මුහුණත අගය සඳහන් කරන ලෙස දිගින් දිගටම මුදල් අමාත්‍යංශයට දැනුම් දුන්නත් ඔවුන් එය අනුගමනය නොකිරීම නිසා මුදල් අමාත්‍යංශය විසින් සකස් කරනු ලැබූ රජයේ ගිණුම් විගණනය කිරීම තමා ප‍්‍රතික්ෂේප කළ බව විගණකාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

1995 අංක 15 දරණ ශ්‍රී ලංකා විගණන හා ගිණුම්කරණ ප‍්‍රමිති පණත මඟින් වරලත් ගණකාධිකාරීවරුන්ට වාර්තා සකස් කිරීම සඳහා නිර්දේශයන් ලබා දී තිබේ. එය අනුගමනය කරමින් වාර්තා සකස් කරන ලෙස විගණකාධිපති විසික් රජයේ ආයතනවලට වසර ගණනාවක් පුරා දැනුම් දී ඇත. විගණකාධිපතිවරයා කියා සිටියේ ඔවුන් ඒ අනුව කටයුතු නොකරන තත්වයක් තුළ එම ගිනුම් විගණන කාර්ය අත්හැර දැමීම හැර විකල්පයක් නොවූ බවයි.