Posted on 07.19.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහබැංකුවේ ආන්දෝලනාත්මක බැදුම්කර වංචාවට අදාළ සාක්ෂි සගවන ලෙස අර්ජුන ඇලෝසියස් තමන්ට පැවසූ බව පෑන් ඒෂියා බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයකුවන අරුණ බෙනඩික් ඩයස් බැඳුම්කර කොමිසම හමුවේ හෙළිකරයි.
ඔහු මේ බව කීවේ බැඳුම්කර කොමිසම හමුවේ අද (19) සාක්කි දෙමිනි. තමන් විසින් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙන වට ඉදිරි සති දෙක තුළ තීරණාත්මක තත්වයක් ඇතිවන බැවින් වැදගත්ම තොරතුරු හා සාක්ෂි සඟවන ලෙස අර්ජුන් ඇලෝසියස් තමන්ට පැවසූ බව පෑන් ඒසියා ප‍්‍රාථමික ගැණුම්කරණ ඒකකයේ සාමාන්‍යධිකාරී ලෙස සේවය කරන නිලධාරියා මෙහිදී කියා සිටියේය. ඔහු කොමිසම හමුවේ කීවේ ජූලි3 වැනි දා අර්ජුන ඇලෝසියස් හමුවීමට තමන් ගිය බව සහ ඒ අවස්ථාවේ එවැනි ඉල්ලීමක් කළ බවය.