අභාවයට පත් කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ පිලිබද ආචාරය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුන විසින් ජනමාධ්‍ය නිවේදන නිකුත් කර ඇත. එම පක්ෂ දෙකම මියගිය කියුබානු නායකයා වෙත සිය විප්ලවීය උත්තමාචාරය පුද කර සිටියි.
කියුබානු විප්ලවයේ තීරණාත්මක භුමිකාවක් ඉටු කළ නායකයෙකු වූ ෆිදෙල් කස්ත්‍රෝගේ ජීවිතය, ඔහුගේ ජීවන ශෛලිය හා ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වය, වත්මන් පරම්පරාවන්ට උගත යුතු පාඩම් රාශියක් ඉතිරිකර තබා ගොස් ඇති බව සදහන් කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය, සිය නායකයාගේ වෙන්වයාම වෙනුවෙන් ශෝකවන සමස්ත කියුබානු ජනතාව සමග ලංකාවේ වැඩ කරන ජනතාව ප්රමුඛ පීඩිත ජන කොටස්ද එකතු වන බවත් සදහන් කරයි. එසේම සියලූ දුෂ්කරතා අභිමුව එක්ව සටන් කිරීමේ මාවත එකම විකල්පය බව එම පක්ෂය විසින් ‘ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ සමාජ මෙහෙවර සදානුස්මරණීයයි!‘ යන හිසින් නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර තිබේ.
එසේම කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ‘ෆිදෙල් කස්ත්‍රෝ නම් අපේ කාලයේ විප්ලවවාදියාට අපගේ විප්ලවීය උත්තමාචාරය!‘ සටහන් කර තිබේ.
පෙ.ස.ප. නිවේදනය සම්පූර්ණයෙන්-
ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ සමාජ මෙහෙවර සදානුස්මරණීයයි!
කියුබානු විප්ලවයේ තීරණාත්මක භුමිකාවක් ඉටු කළ නායකයෙකු වූ ෆිදෙල් කස්ත්රෝර සහෝදරයා සිය දශක නවයක දිවි සැරිය නිමා කරමින් අප අතරින් වෙන්ව ගොස් තිබේ. ෆිදෙල් සහෝදරයාගේ ජීවිතය, ඔහුගේ ජීවන ශෛලිය හා ඔහුගේ දේශපාලන කිරා කයාකාරිත්වය. අපේ පරම්පරාවන්ට උගත යුතු පාඩම් රාශියක් ඉතිරිකර තබා ගොස් ඇත.
වෙනත් ඕනෑම අයෙකු මෙන්ම ෆිදෙල් කස්ත්‍රෝව සහෝදරයගේ ජීවිතයද ඉතිහාසය හමුවේ විනිශ්චයවනුයේ ඔහු මුහුණ දුන් සමාජ සන්දර්භයත් සමග සමිබන්ධිතව මිස වියුක්තව නොවේ. ඔහුගේ මුල් කාලීන ජීවන භාවිතය. බැටිස්ටාගේ ඒකාධිපතිත්වයට එරෙහිව ධෛර්ය සම්පන්න ලෙස ප්‍රතිරෝධය දැක්වීමක් වන අතර පසුකාලීනව එය අධිරාජ්‍යවාදයට, ධනවාදයට. එරෙහි ප්රතිරතිවිරෝධය පෑමේ ජීවන භාවිතාවක් විය. ඔහු ප්රතිවිරෝධය පාන ලද්දේ මිනිස් ජීවිතද, මිනිස් සම්බන්ධතා ද සමාජමය හරපද්දතින්ද, පොදුවේ මනුෂත්වයද, ස්වභාවික පරිසරයද විනාශයෙන් විනාශයට කැඳවනු ලැබු අධිරාජ්‍යවාදයේ ම්ලේච්ඡත්වයට එරෙහිවය. ඔහුගේ දේශපාලනය සම්මුතිකාමයේ දේශපාලනයක් නොවිය. ඔහු සිය හෘදසාක්ෂියෙන් වරද සහ නපුර ලෙස පිළිගත් දේ පරාජය කිරීම උදෙසා සිය ජීවිත කාලයම කැප කළේය. සිරදඩුවම්, වදහිංසා සහ මරණය හමුවේද ඔහුගේ පෞරුශය දශමයකින් හෝ ව්යාෛකූල වූයේ නැත.
එමෙන්ම ෆිදේල් කස්ත්‍රෝ සහෝදරයාගේ ජිවිත අරමුණු අත් නොහැරීමේ හා ධෛර්යේ ආදර්ශයන් සමාජ ගත කළ ජීවිතයක් විය. සෝවියට් කඳවුර බිඳවැටී අධිරාජ්යජවාදී කේන්ද්රළය ලොව පුරා සිය අණසක පතුරවද්දි දුෂ්කර තත්වයන් මැද නොසැලී දරා සිටීමත් දුෂ්කරතා හමුවේ අරමුණු අත්නොහැරීම හා කිසිවිට නපුර ඉදිරියේ දණනොනැමීමත් ඔහුගේ දේශපාලන භාවිතය විය. කියුබාවේ දේශපාලනය පිළිබඳ විවිධ විවේචන ඇති අයට පවා ගෙවීගිය වසර 25ක කාලය තුළ අධිරාජ්‍යවාදයේ ලෝක බලවතා වන අමෙරිකා එක්සත් ජනපදයේ ආසන්නයේම පිහිටි මේ කුඩා දිවයින් රාජ්යර නොසැලී නොවැටී සිටීමෙන් පෙන්වූ ධෛර්ය සම්පන්නභාවය මහත් ආශ්වාදයක් විය. එහිදි ෆිදෙල් කස්ත්රෝර සහෝදරයා කළ කාර්යභාරය සුවිශාල එකක් බවට විවාදයක් නැත.
මේ ආකාරයට ෆිදෙල් කස්ත්‍රෝ සාහෝදරයා සිය ජීවිතය තුළින් පෞද්ගලිකත්වයේ පටු පවුරු තුළට සිරවීමේ මාවත වෙනුවට සමාජමය අරමුණු වෙනුවෙන් වන මාවත වෙනුවෙන් කැපකළ ජීවිත යනු කුමක්දැයි පාඩමක් අපට උගන්වා ඇති බව නිසැකය. අධිරාජ්‍යවාදය පාරිසරික සංහාරයක් සහ ශිෂ්ටාචාර විනාශයක් කරා මග හෙළි කරමින් සිටින මෙවන් මොහොතක ඔහු පෙන්වූ ජීවන ආදර්ශයන් උකහා ගැනීමෙන් පමණක් නොව ඉක්මවා යාමෙන්ද තොරව මේ ව්යකසනයට නැවතීමේ තිත තැබිය නොහැකිය. ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ දේශපාලන භාවිතයේ නිශේධනීය පැති හඳුනාගෙන එවා පරාජය කිරීමේද සාධනීය පැති වර්ධනය කිරීමේද පොදුවේ ඔහුගේ දේශපාලනය ඉක්මවා යාමේද අභියෝගය නූතන පරම්පරා ඉදිරියේ තිබේ. එවන් තත්වයක් තුළ ඔහුගේ අහිමිවීම දරාගත නොහැකි පාඩුවකි.
මේ අවස්ථාවේදී ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා වෙනුවෙන් ශෝකවන සමස්ත කියුබානු ජනතාව සමග ලංකාවේ වැඩ කරන ජනතාව ප්රමුඛ පීඩිත ජන කොටස්ද එකතු වන අතර සියලූ දුෂ්කරතා අභිමුව එක්ව සටන් කිරීමේ මාවත එකම විකල්පය බව අවධාරණය කරමු.
දේශපාලන මණ්ඩලය,
පෙරටුගාමී සාමාජවාදී පක්ෂය.
2016. 11. 27
ජ.වි.පෙ. නිවේදනය
“ෆිදෙල් කස්ත්‍රෝ නම් අපේ කාලයේ විප්ලවවාදියාට අපගේ විප්ලවීය උත්තමාචාරය!
කියුබානු සමාජවාදී විප්ලවයේ නිර්මාතෘ, හිටපු කියුබානු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා 90 හැවිරිදිව සිටියෙදී අපගෙන් සමුගෙන ගොස් තිබේ. ඔහුගේ නික්මයාම හේතුවෙන් ශෝක වන ලොව පුරා විප්ලවාදීන්, වාමාංශිකයින්, අධිරාජ්යේ විරෝධින් පමණක් නොව මානව වර්ගයාට ආදරය කරන කෝටි සංඛ්යාීත මිනිසුන් අතරට එක්වන අපි ඔහුට අපගේ විප්ලවීය උත්තමාචාරය පුදකර සිටිමු.
අධිරාජ්ය්වාදයේ පිළිකන්නක් බවට පත්කරනු ලැබ දරිද්‍රතාවයේ, නූගත්භාවයේ පත්ලටම ගිල්වා තිබූ කියුබානු ජනතාවත් රටත් වත්මන් ලෝකයේ ඉහළම සමාජ ආර්ථික දර්ශකයන් වෙත ඔසවා තැබීම වෙනුවෙන් ඔහුගේ දායකත්වය කිසිවෙකුටත් අමතක කළ නොහැක. හුදු කියුබාවට පමණක් සීමා නොවූ ඔහුගේ නායකත්ව භූමිකාවේ බලපෑම ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු විප්ලවාදී හා වාමාංශික ව්‍යාපාරයන්ටද පොදුවේ මෑත කාලීන ලෝක දේශපාලනය හැඩගැන්වීමේලාද කරන ලද්දේ අති මහත් බලපෑමකි. නිරවි යුද සමයේ සමාජවාදී කඳවුරේ ප්‍රබල නායකයෙකු වූ ඔහු 90 දශකයේ මුල සෝවියට් කඳවුරේ බිඳවැටීමෙන් පසුද සමාජවාදයේ ධජය අත් නොහැර ‘සමාජවාදය නැත්නම් මරණය’ සටන් පාඨය තුළ කියුබානු ජනතාවට ජයගරාදයහණ අත්පත් කරදීම සඳහා ලබාදුන් නායකත්වය කියුබානු ජනතාව කිසිදා අමතක නොකරනු ඇත.
වියපත් වී කරිොකරයාකාරී දේශපාලනයෙන් ඉවත් වූ පසුවද ලෝක සමාජ ආර්ථික දේශපාලනික සිදුවීම් සම්බන්ධයෙන් තම විදග්ධ දේශපාලන මතවාද ලිඛිත සටහන් මගින් ලෝක ජනතාව හමුවේ තැබූ ෆිදෙල් සහෝදරයා තම ජීවිතයේ අවසන් මොහොත දක්වාම විප්ලවාදීත්වයෙන් නොවැහැරුණු අසහාය අයෝමය නායකයෙකි. සියවසකට ආසන්න ඔහුගේ ජීවිතය තුළ ඔහු විසින් ගැඹුරින් සටහන් තබන ලද යුග පුරුෂ නායකත්වය තවත් සියවස් ගණනාවක් වුවද සමස්ත ලෝකවාසී ජනතාවගේ හදවත් තුළ නොමැකී රැදෙනු ඇති බවට සැකයක් නැත.
ෆිදෙල් කස්ත්‍රෝ නම් අපේ කාලයේ අසහාය විප්ලවවාදියාගේ වියෝවීම වෙනුවෙන් ශෝක වන සමස්ත ලාංකේය පීඩිත ජනතාව සමග එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි අපගේ විප්ලවීය උත්තමාචාරය මෙසේ පුදකර සිටිමු.
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2016.11.26″