කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ මියගිය බව කියුබානු රජය නිවේදනය කළේය.
ෆිදේල් කස්ත්‍රෝ මියයන විට 90 වැනි වියේ පසුවිය.
ෆිදෙල් මියගිය පුවත කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ එරට රූපවාහිනිය අමතා නිවේදනය කලේය.

සිකුරාදා රාත්‍රී 10.29ට ෆිදෙල් සිය අවසන් හුස්ම මුදාහළ බව රාවුල් කස්ත්‍රෝ එහිදී පවසා තිබුනි.
ෆිදෙල් 2008 වසරේ සිය සොයුරු රාවුල් කස්ත්‍රෝට කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ හා කියුබානු රජයේ නායකත්වය බාරදෙමින් කියුබානු නව පරපුරට එරට අනාගතය බාරකළේය.

නොයෙක් බාධක මැද වසර 50ක් සිය නායකත්වය යටතේ කියුබානු ජනතාව ලොව ඉහළින්ම ඔසවා තැබීමට ෆිදෙල් සමත්විය.
ඇමෙරිකානු සම්බාධකවලට මුහුණ දෙමින් කියුබානු විප්ලවය ආරක්ෂාකරමින් වැඩකටයුතු කිරීමට ෆිදෙල් සමත්විය.
Save
Save