Posted on 09.03.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
රෝසැල්ල-කුයිල්වත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන ඉන්ධන පිරවුම්හලක් හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර විනාශ වීමට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් අද(03) දින විරෝධතාවයක නිරත විය.
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පිහිටි මෙම ඉන්ධන පිරවුම්හල වටලමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නියැළුණු අතර සිය දෛනික කටයුතු වලට ලබා ගන්නා ජලය අපවිත්‍ර වීමෙන් ඔවුන් ගැටළු රාශියකට මුහුණ දෙමින් සිටින බවත් වහාම මෙම පරිසර විනාශය නතර කරන ලෙසත් ඔවුන් බල කරනු ලැබීය.
මෙම පිරවුම්හලේ ඉන්ධන ලබා දීමේදී කාන්දු වන ඉන්ධන මෙලෙස ජල මූලාශ්‍ර වලට එක්වීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව එම ආයතනයේ පාලනාධිකාරය පවසන අතර විරෝධතාකරුවන්ගේ සාමුහික මැදිහත්වීම හමුවේ එයට විසඳුමක් කඩිනමින් ලබා දීමට මැදිහත් වන බවටද පොරොන්දු වී ඇත.
