Posted on 09.04.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාදම්පේ දුම්මලසූරිය පොලිසිය විසින් සිය පවුලට බලහත්කාරය යොදා ගනිමින් සිදු කරන අසාධාරණයට එරෙහිව පාසල් සිසුවියන් දෙදෙනෙකු විසින් අද(04) දින මාරවිල පොලිසිය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත විය.
දුම්මලසූරිය පොලිසිය විසින් අවස්ථා ගණනාවකදීම මෙම දැරියන් දෙදෙනා සහ ඔහුන්ගේ දෙමාපියන් පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කිරීම් කරන බවත් කිහිප වරක්ම නඩු දමා එයින් නිදහස් වීම් කර තිබුණද නැවත නැවත එම පොලිසියෙන් බලපෑම් වන බවත් දුම්මලසූරිය පොලිසිය මුදල් බලයට යට වී මෙලෙස හැසිරෙන බවත් තමන්ට එවන් හැකියාවක් තමන්ට නොමැති බවත් මෙම තත්වය සිය අධ්‍යාපන කටයුතු වලට විශාල බාධාවක් බවත් මෙම පාසැල් සිසුවියන් දෙදෙනා පවසයි.
එක් අවස්තාවක කාන්තා පොලිස් නිලධාරිනියන් පවා නොමැතිව මෙම දැරියන් දෙදෙනා සහ ඔවුන්ගේ මව පොලිසියට බලහත්කාරයෙන් රැගෙන ගොස් පය 5කට වැඩි කාලයක් ප්‍රශ්න කිරීම් කරඇති අතර පසුව ඔවුන් නැවත නිවෙසට පැමිණෙන විට මෙම දැරියන් දෙදනාගේ පාසල් පොත් පුළුස්සා දමා ඇත. ඊයේ දිනයේදී නැවත වරක් පොලිසියට කැඳවීම් කර ඇති අතර එයට බිය වී රාත්‍රිය මුළුල්ලේම වනගතව සඟව නිරාහාරව සිටි බවත් මෙම සිසුවියන් දෙදනා පවසන ලදි.
කෙසේ වෙතත් ළමා මනසට දැරිය නොහැකි බලවත් පීඩාවකින් දුක් විදිමින් කටයුතු කරන මෙම සිසුවියන් දෙදෙනා සාධාරණය දිනා ගැනීම වෙනුවෙන් සිදු කල සටන හේතුවෙන් මෙම ගැටළුවට වඩා පුළුල් අවධානයක් දිනා ගැනීමට හැකි වී ඇත.