Posted on 08.30.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
උමා ඔය සහන සදහා රජයෙන් වෙන් කළ රුපියල් කෝටි 30ක මුදලින් දැනට ඉතිරිව ඇත්තේ රු. මිලියන 11 ක් පමණක් බව සහ තවදුරටත් අාපදා සහන සදහා නම් මුදල් අනුමත නොකරන බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි විසින් රාත්‍රි 10.00 සිරස ප්‍රවෘත්ති විකාශය වෙත සිදු කළ ප්‍රකාශයකින් මෙම කරුනු අනාවරණය විය. අාපදාවට පත්වූ නිවාස 1500කට අධික ගණනකට වන්දි ගෙවා අැති බවද නිවාස ඉදිකිරීමට වෙන්කළ භූමියද අවදානම් කලාපයක් බවට ගොඩනැගිලි පර්යේෂණායතනය විසින් අනතුරු අගවා අැති බවද ඔහු පවසයි. ෙමම පසුබිම තුළ බණ්ඩාරවෙල රතු සිතියමක් මැද ඇති බව ප්‍රකාශ කරන දිසාපතිවරයා ‘මග සිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී‘ තැනට බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස තමන්ප ත්ව ඇති බව පවසයි. අාපදාවට පත් වූ ජනයාට සහන සැලසීමට වෙන්කළ ප්‍රතිපාදන වලින් ජල සැපයුම් ටැංකිමිලදී ගැනීම, ඩීසල් වියදම් පියවීම, තක්ෙස්රු දෙපාර්තෙම්න්තු නිලධාරින්ට හා සේවකයන්ට අතිකාල ගෙවීම් සදහා රැපියල් කෝටි 29.8ක් වැය කොට තවත් ඉතිරිව ඇත්තේ රු. මිලියන 11 ක් පමණක් බව බදුල්ල දිසාපතිවරයා සිරස ප්‍රවෘත්ති වාර්තාකරුට සදහන් කරයි.
අාපදාවට ගොදුරුව අැති කලාපයේ වාසය කරන මිනිසුන් 28,000 ක් අවදානමට ලක්වෙමින් රජයේ සහන මත යැෙපමින් ජිවත්වනවා මිස ඔවුන්ගේ ජීවිත මුහුණ පා අැති අවදානම සම්බන්ධ අවධානය යොමුකර නැති බවද මේ අනුව පැහැදිලි ෙව්.