Posted on 08.26.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අගෝස්තු 22 විැනිදා කතරගම ප්‍රධාන දේවාලයේ පූජාව පැවැත්වීමට නොහැකිවීම සහ දොරටුවේ යතුර පැහැරගෙන යාම යන සිදුවීම් නිසා ඇති වූ තත්වයට විරෝධය පළකරමින් එදින පූජාව පැවැත්වීමට සිටි කතරගම කපු මහතුන්ට හිතවත් ප්‍රදේශවාසී පිරිසක් අද (26) එම දේවාලයේ බස්නායක නිළමේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක් ඊයේ(25) දිනයේ බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවිලගෙදර වෙත භාරදෙන ලද අතර ඒ පිළිබඳ විමර්ශන කටයුතු සඳහා කතරගම බස්නායක නිලමේවරයා සහ කපු මහත්වරුන් ලබන සදුදා දිනයේ අමාත්‍යංශය වෙත කැඳවා තිබේ.
බස්නායක නිළමේ ඩී.පි. කුමාරගේ විසින් පසුගිය අගෝස්තු 22 වැනි දා කතරගම මහ දේවාලයේ යතුරු බලහත්කාරයෙන් රැගෙන තම නිවසේ තබාගෙන සිටි නිසාඑදින අලුයම පූජාව නොපැත්වූ බව වාර්තා විය. එලෙස බාධාකිරීම නිළමේවරයාට කිසිසේත් නොවටිනා කාර්යයක් බවත් ඔවුහු කීහ. ඔහු බස්නායක නිළමේවරයකුගේ ධූරයට නුසුදුසු අන්දමින් කටයුතු කිරීම සම්බන්ධව චෝදනා කළ විරෝධතාකරුවෝ බස්නායක නිළමේ වරයා ඉවත් කරන්නැයි දෙවියන්ගෙන් ඉල්ලමින් දේවාලය ඉදිරිපිට පොල් ගසා කන්නලව්වක්ද කළහ.