தமிழ்
English
Contact
Friday 20th October 2017    
පුනරුත්ථාපනය වූවන්ට විෂ එන්නත් කළ චෝදනාව බොරු – උතුරු පලාත් සෞඛ්‍ය ඇමති පිළිතුරු දෙයි « Lanka Views | Views of the truth

පුනරුත්ථාපනය වූවන්ට විෂ එන්නත් කළ චෝදනාව බොරු – උතුරු පලාත් සෞඛ්‍ය ඇමති පිළිතුරු දෙයි



යුද සමය අවසානයේදී ආරක්ෂක හමුදා භාරයට පත් දෙමළ සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇති බවට කෙරෙන චෝදනා කිසිදු සත්‍යතාවක් නැති බව උතුරු පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් පවසයි.

පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එම චෝදනා පිළිබද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට උතුරු පළාත් සභා මන්ත්‍රී තවනාදන් කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් සත්‍යලිංගම් ඇමතිවරයා මේ බව කීය.

ඔහු එහිදී කළ ප්‍රකාශයේ මෙසේද සදහන් විය.

“2009 යුද්ධයෙන් පසුව ආරක්ෂක හමුදාව වෙත බාරවී පුනරුත්ථාපනය ලැබූ එල්ටීටීඊ සාමාජිකයන්ට විෂ එන්නත් කර අභිරහස් ලෙස මරණවලට ගොදුරු වී තිබෙන බවත් තවත් වැඩි පිරිසක් රෝගවලට ගොදුරු වී තිබෙන බවත් පැවසුණා. මේ ගැන උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පත්කර උතුරු පළාතේ දිස්ත්‍රික් පහේම පුනරුත්ථාපනය වූ සාමාජික සාමාජිකාවන් 300 පරීක්ෂාවලට ලක් කළා. මේ පරීක්ෂණවලට අනුව  පරීක්ෂාවන්ට ලක්වූ කිසිදු කොටි සාමාජිකයකුට විෂ එන්නත් ශරීරගත වීමක් සිදුවෙලා නැහැ කියල තහවුරු වුණා. පුනරුත්ථාපනය වූ සාමාජිකයන් වැඩි පිරිසක් පරීක්ෂණ මගහැර සිටියා. ඔවුනට බලකළ නොහැකියි. මෙකී චෝදනාව සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරයා විසින් තමන්ට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.“

කෙසේවෙතත් යුද සමයේත් යුද්ධය අවසානයේ භාරවීමෙන් පසු අතුරුදන් වූවන් පිළිබද පසුගිය වසර ගණනාවක් ජනතාව විසින් කරන ආයාචනා සම්බන්ධයෙන් උතුරු පළාත් සභාව හෝ වත්මන් හවුල් ආන්ඩුව කිසිදු පියවරක් ගෙන නැත. තමදරුවන් සිරගතව හෝ සිටින්නේද නැද්ද යන්න ප්‍රකාශ කරන ලෙස කිලිනොච්චිය ඇතුලු නගර ගණනාවක පවත්වාගෙන යන සත්‍යග්‍රහවලට ප්‍රතිචාර දක්වන්නට හෝ රජයෙන් හෝ පළාත් සභාවෙන් කිසිදු වගකිවයුතු මැදිහත්වීමක් ද සිදු කර නැත.