Posted on 10.15.2017 by Lahiru Umayangana in Uncategorized with 0 Comments
ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියන් තිදෙනෙකු ඊයේ(14) දින සිට අතුරුදහන්ව ඇති අතර ඔවුන් පිළිබඳව කිසිඳු තොරතුරක් මේ වන තෙක් වාර්තා වී නොමැති බව පැවසේ.
වයස අවුරුදු 14වන ශරිත්‍රා, වයස අවුරුදු 15ක් වන යසන්ති මදුශානි සහ වයස අවුරුදු 19ක් වූ මලිති වත්සලා යන අය මෙලෙස අතුරුදහන්ව ඇත.
යාබද නිවෙස් වල වෙසෙන යහළුවන් වූ මොවුන් තිදෙනා ඊයේ සවස 2.00ට පමණ ඇදුම් ගැනීමට බව පවසමින් පිටත්ව ගොස් ඇති අතර ඉන් පසු ඔවුන් පිලිබඳ කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බවත් ඔවුන් පිලිබඳ යම් තොරතුරක් දන්නේ නම් පහත අංකයට දැනුම් දෙන ලෙසත් දෙමාපියන් ඉල්ලා සිටී.
ශක්ති: 0711012537