தமிழ்
English
Contact
Friday 20th October 2017    
අතුරුදන්වූවන් සොයන කාර්යාල පනත අතුරුදන්වීමට නියමිතයි ? « Lanka Views | Views of the truth

අතුරුදන්වූවන් සොයන කාර්යාල පනත අතුරුදන්වීමට නියමිතයි ?



ඉදිරි 21 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව පැවති අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත විවාදයට නොගැනීමට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණයට එළඹ ඇත. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ග ලෙස සාකච්ඡාකොට මෙම තීන්දුව ගෙන තිබෙන බව ද පැවසේ. පසුගියදා අගමැතිවරයා පවසා තිබුනේ මෙම පනත අතීතයට බල නොපාන්නක් බවයි.

කෙසේවෙතත් මේ වනවිට උතුරේ මෙන්ම වෙනත් ප්‍රෙද්ශවල අතුරුදන්වූවන් සම්බන්ධව පවතින විරෝධය මෙවැනි පනතකින් සමනය කරන්නට හැකි නොවනු ඇත. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ඇතැම් මවුපියන් ගෙන ගිය විරෝධතා සම්බන්ධයෙන් ආණ්ඩුව විධිමත් ලෙස කටයුතු කර නැත.