தமிழ்
English
Contact
Thursday 7th December 2017    
අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනත ජනාධිපති අත්සන් කරයි! « Lanka Views | Views of the truth

අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනත ජනාධිපති අත්සන් කරයි!



යුද්ධය සමග ජනතාවගේ පීඩාවන් අතරට එක්වූ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටුවීම හා පරිපාලන කර්තව්‍ය  ඉටු කිරීම පිළිබඳ පනතට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අත්සන් තබා තිබේ.

එම කාර්යාලයේ කටයුතු ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යටතට පැවරීම අදාළ ගැසට් නිවේදනය මඟින් සිදු කෙරෙනු ඇත. විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණනායක ජූලි 20 අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. පසුගිය වසරේ අහෝස්තු මස 11වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු අදාළ පනත බලහත්කාරී හා ස්වේච්ඡාමය නොවන අතුරුදන්වීම් හා ආගියඅතක් නොමැති පුද්ගලයින් පිළිබඳ පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීම අදාළ ආයතනය යටතේ ඉටු කිරීමට නියමිතය. අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයට අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙන් හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් පැමිණිලි ලබාගත හැකිය.

එසේ වුවද මෙම කර්යාලයෙන් අතුරුදන්වූවන්ගේ ඥාතින් විසින් ඉල්ලා සිටින යුද්ධයෙන් පසුව පවා අතුරුදන්වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන මූලික කාර්යයන් ඉටු නොකරනු ඇත.